News

“සතුටින් පිරි සෞඛ්‍යයමත් දිවියකට දොරටුව විවර කර ගන්න”

by slslmadmin on April 22, 2023


පරණ සාම්ප්‍රදායික සෞඛ්‍ය උපදෙස් එපා වෙලාද?

ඔබත් නිරෝගී බව රැකගෙන ජීවිතේ රස විඳීමේ ක්‍රමයක් හොයනවද?

සමහර වෙලාවට සෞඛ්‍යයත් රැකෙන විදිහට තීරණ ගනිද්දි අපිට ගොඩක් හිතන්න වෙනවා. ඕනෙවට වඩා හිතන එකත් එක්තරා හිරිහැරයක් විතරක් නොවෙය් අපිට අපේ ජීවන රටාවේ ලොකු වෙනස්කම් කරන්න අමාරැ ගතියකුත් දැනෙනව. මේ සඳහා හොඳම විසදුම තමයි ටිකෙන් ටික අපේ ජීවන රටාව සෞඛ්‍යමත් විදිහට වෙනස් කර ගැනීම. තවත් පැහැදිලි වෙන්නත් එක්ක උදාහරණ කීපයක් ගැන කතා කරමු.

හරි, මුලින්ම අපි පෝෂණය ගැන බලමු. වැඩිපුර පලතුරු සහ එළවළු කෑමට ගන්න ඕනෙ කියල අපි කවුරුත් දන්නවා. නමුත් අපිට ෆ්ර්යිඩ් රයිස් එකක් කන්න හිතෙනවා. මේ වෙලාවට අපි මොකද කරන්නෙ? එලවලු වැඩිපුර දාල, ඉඟුරු, සුදුලූනු, ගම්මිරිස්, වගේ ස්භාවික රසකාරක, කහ වගේ ස්භාවික වර්ණක යොදාගෙන, ගුණාත්මක බව ගැන විස්වාසයක් තියෙන තෙල් වර්ගයක් අනුමත ප්‍රමාණයෙන් අරගෙන ඉතා රසවත් වගේම සෞඛ්‍ය සම්පන්න බවත් රැකෙන ෆ්ර්යිඩ් රයිස් එකක් හදා ගන්න පුලුවන්. තව උදාහරණයක් හැටියට අපිට පැණි රස බීමක් බොන්න ආස හිතෙනවා, මොකද කරන්නෙ? ඕනෑම පලතුරකින් රසට බීමක් හදාගන්න ක්‍රම ඕනෙ තරම් අන්තර්ජාලයේ තියෙනවා. මේ විදිහට රසවත් වගේ සෞඛ්‍යයමත් ආහාර හෝ කෙටි ආහාර වර්ග ඕනෙ තරම් තියෙනවා, ඕනෙ කරන්නෙ අපේ ආකල්ප වල වෙනසක් විතරයි.

ඊළඟට අපි ව්‍යායාම ගැන කතා කරමු. නිසැකවම, ඔයාට ට්‍රෙඩ්මිල් එකක හෝ බර ඉසිලීමේ ව්‍යායාමයක පැය ගණන් ගත කරන්න පුළුවන්, ඒත් ඒක ඔයාට විනෝදමත් දෙයක් නෙවෙයි නම් ඒ වෙනුවට, අපිට නර්තන පන්තියකට යන්න පුලුවන්, නර්තනය අපේ හෘද ස්පන්දන වේගය ඉහළ නංවනවා විතරක් නෙවෙයි, අපි ඊළඟය මිතුරු හමුවේ, විවාහ උලෙළේ, පාර්ටි එකේ ලස්සන ස්ටෙප්ස් ටිකක් එක්ක ඩාන්ස් කරන්න පුලුවන් නේද. නටන්න අකමැතිම කෙනෙක් නම්, බැඩ්මින්ටන් වගේ ක්‍රීඩාවක් උත්සාහ කරන්න පුලුවන් නේද. අනිවාර්යයෙන් අපිට විශිෂ්ට ව්‍යායාමයක් ලැබෙනවා විතරක් නෙවෙයි, අපට නව මිතුරන් ඇති කර ගැනීමට හොඳ අවස්ථාවකුත් ලැබෙනවා.

තවත් වැදගත්ම දෙයක් ! නින්දට ප්‍රමුඛත්වය දෙන්න අමතක කරන්න එපා! ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම සමස්ත සෞඛ්‍ය සහ යහපැවැත්මට ගොඩක් වැදගත්. රාත්‍රියකට පැය 7-9 ක් අතර වත් නිදා ගන්න කාලය ලැබෙන විදිහට අපි කාල කළමනාකරණය කර ගන්න ඕනෙ. ප්‍රමාණවත් නින්ද අපේ කාර්යක්ෂමතාව වැඩි කරනවා. හොඳ රාත්‍රී නින්දක් ලැබීම අපට ප්‍රබෝධමත් බවක් එක්කම දෛනික වැඩ කටයුතු ඕනෑම දෙයක් සාර්ථකව නිම කරන්න හැකියාව ලැබෙනවා.

අවසාන වශයෙන්, ආතතිය (ස්ට්‍රෙස්) කළමනාකරණය ගැන කතා කරමු. භාවනා සහ යෝගා ව්‍යායාම වල යෙදීම විශිෂ්ටයි, නමුත් සමහර විට අපට ඊට වඩා සරල දෙයකින් හිත සැහැල්ලු කරගන්න වෙන අවස්ථාත් එනවා. මෙන්න මේ වෙලාවට අපිට karaoke ගායනයක් වගේ දෙයකින් අපේ හිතේ තියෙන ආතතිය බිංදුවට අඩු කර ගන්න පුලුවන්. අපේ ප්‍රියතම ගීත එක්ක අපේ සියලු කරදර අමතක කරන්න පුලුවන්. ගායනයට කැමති නැති කෙනෙක් නම්, ප්‍රහසන චිත්‍රපටයක් හෝ මිතුරන් සමඟ රාත්‍රී විවේකයක් උත්සාහ කරල බලන්න පුලුවන්. සිනහව ඇත්තෙන්ම ගොඩක් වටිනා ඖෂධයක්.

සෞඛ්ය සම්පන්න ජීවිතයක් නීරසයි කියල කවුද කියන්නේ? විනෝදාත්මක ක්‍රියාකාරකම් සහ අපි කැමති රසවත් ආහාර පාන ඇතුළත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවටක් සැලසුම් කර ගැනීම අමාරු දෙයක් නෙවෙයි. අපි පොඩි පියවර වලින් මේ ගමන පටන් ගමු…

අපි තවදුරටත් මේ ගැන කතා කරමු! අදම අපේ ෆේස්බුක් පිටුවට Like කරන්න. –

https://www.facebook.com/lifestylemedicinesl

වැඩි විස්තර දැන ගන්න අපේ වෙබ් අඩවියට පිවිසෙන්න – https://www.slslm.org.lk/

button style="background: #FFCC66; color: #000000 !important; font-weight: 800; height: 48px; padding-left: 32px; padding-right: 32px; border-radius: 24px; margin-top: 28px; margin-left: 5px;" > Conference Form